News, Other, Political, Social

විජයකලා බේරන්න බැඳුම්කරේ ඉදිරියට එයි

විජයකලා යට ගැසීමට හෙට බැඳුම්කරයේ අලුත් පිටුවක් පෙරලෙන බවට තොරතුරු වාර්ථාවේ. ඒ අනූව කලින් කලට ආ ලෙස හෙට දිනයේද තවත් ජනතා අවධානය ගෙනෙන යමක් ගැන කරනු වාර්ථාකිරීමට නියමිතව ඇත.
ආන්දෝලනාතමක බැඳුම්කර ගනුදෙනුවට අදාලව විවිදාකාරයේ තොරතුරු කලින් කලට කරලියට ආවත්, බැඳුම්කරයට අදාලව තවමත් කිසිදු නඩුවක් පවරා නැති අතර රටේ කලින් කලට එන විවිධ ගැටලු යටපත්කිරීමට බැඳුම්කරය හරහා විවිධ පුද්ගලයන්ගේ නම් එලියට එන බවක් අප දුටුවා. සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර හා සරත් ෆොන්සේකා යන පාර්ලිමේන්තු නියෝජිතයන් දැනටමත් එම චෝදනා පිලිගෙන තිබේ. තවද රවී කරනානයකටද චෝදනා එල්ලවිය. ඔවුන්ට විරුද්ධව නඩු පැවරා නැත. අත් අඩංගුවට ගත්තේද නැත. ඒ අනූව බැඳුම්කරය ගමන්කරන දිශාව පිලිබඳ යම් අවබෝධයක් ලබාගත හැක.

බැඳුමකර ගනුදෙනුවේ ප්‍රදාන පාර්ෂව දෙක වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හා පර්පචුවල් ට්‍රේශරීස් සමාගමයි. පර්පචුවල් සමාගම සීල් තබා එහි විධායක නිලධාරියා හා හිමිකරු අත් අඩංගුවට ගෙන ඇත. සේවකයන්ගෙන් සී අයි ඩී ය සෑම දිනකම ප්‍රශ්න කරමින් තිබේ. නමුත් මහ බැංකුව පාර්ශවයෙන් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත. කිසිවෙකුගෙන් ප්‍රශ්න කල බවක් දැනගන්නට නැත. අප රටේ මාධ්‍ය ආයතනද ඒ පිලිබඳ නිහඬ් පිලිවෙතක් අනුගමනය කරයි.

බැඳුම්කරය පිටුපස සිට විශාල ප්‍රතිලාභ ලැබූ ලොකු කුඩා නිලධාරීන විශාල ප්‍රමාණයක් මහ බැංකුවේ සිටින බවත් , ඔවුන් ඉතා සැපවත් ජීවිත ගත කරන බවත් වාර්ථාවී තිබේ. විවිධ දේශපාලන මැදිහත් වීම මත මේ වන තෙක් මහ බැංකු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමක්වත් සිදූ වූ බවක් වාර්ථා වී නැත.

තව ද පර්පචුවල් සමාගම් වල සේවකයන් කබලෙන් ලිපට වැටී ඇති බව වාර්තා වේ. එනම් මාස ගනනාවක් වැටුප් නොමැතිව තම මසික නය වාරිකය ගෙවාගැනීමට නොහැකිව අසරණව සිටින සේවකයන් නිතත නිතර අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට කැඳවීම නිසා , අඩු තරමින් ඔවුන්ට තම නිවසේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්ථ මේන්තුවට යාමටවත් මුඳල් නොමැති වී අසරණව ඇති බව වාර්තාවේ.
සමාගම මාස ගනනාවක් සේවකයන්ට වැටුප් ගෙවා නැත. ඒ සඳහා මහ බැංකුවෙන් අවසර ලැබී නැත. මේ අතර වෙනත් රැකියා සොයාගත සේවකයන් ද නිතර නිතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් ඔවුන්ගේ රැකියා අහිමි වී ගොස් තිබේ. තවත් පිරිසක් දැඩිමානසික ආතතියකට ලක්වී තිබෙන්නේ ඔවුන්ගේ ඉහත ගැටලු සියල්ලම සමග පරීක්ෂණ නිලධාරීන් විවිධ බල පෑම් එල්ල කල නිසා බව වාර්තාවේ.

එහි සේවකයෙක් අප සමග පැවසුවේ ” අපිත් බැඳුම්කර ගැන දන්නේ මෙක නිසා, හොරකම් කරලා නම් නඩු දාල දඩුවම් දෙන්න, ඒත් මේවට සම්බන්ධ නැති අසරණ සේවකයන්ගෙන් පලිගන්න එපා. අපිට පඩි ගෙවලා නෑ මාස ගානක්. හේතුවක් නැතිව අපේ නම් මාධ්‍යවල වර්තාකරලා අපිට අපේ නෑයෙක් වත් කතා කරන්නේ නෑ. ණය වාරික ගෙවාගන්න විදියක් නෑ. දරුවන්ගේ වැඩ ඔක්කොම නතර වෙලා, හැමදාම සී අයි ඩී එකට එන්න කියනවා. හිරේ දානවා කියනවා. බලපෑම කරනවා. අපි නොදන්න දේවල් කොහොම හරි එයාලා ලියවාගන්නවා. අපිට හැමදාම යන්න සල්ලි නෑ. අපිට මැරෙන්න ද කියන්නේ..” යනුවෙනි.

 

Facebook Comments