Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
HealthLife StyleSocial
Trending

කාන්තාවක් උවත් පිරිමියෙක් උවත් පියයුරු පිලිකාව වැලඳිය හැක

පියයුරු පිළිකා යනු කාන්තාවන් වැඩි දෙනෙක් ගොදුරු වන රෝගයක්

පිලිකා බහුල රටවල් අතරින් ශ්‍රී ලංකාවද එකක් වනවා. ඔනෑම පිලිකාවකට ප්‍රධාන හේතුවක් ලෙස විටමින් බී ඌනතාවය හැඳින්විය හැකියි. කෙසේ උවත් පිලිකාව යනු මාරාන්තික රෝගී තත්වයක් වන අතර කල් ඇතුව හඳුනා ගැනීමෙන් එය ඉවත් කරගැනීමට අවස්ථාව ලැබේ.

පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ

පියයුරු ආශ්‍රිත සම ඝන වීම
සම මතුපිට වළ ගැසීම
තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
තන පුඩුවෙන් දියරයක් ගැලීම
අසීරුවක් හෝ වේදනාවක් දැනීම
තන පුඩුව ඇතුළට ගිලී යාම
නහර මතු වීම
ඉදිමීම
සැරව සහිත තුවාල ඇතිවීම
සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
තද ගැටිති

ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් දිස් වේ නම් වහාම වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගත යුතුයි.

පියයුරුවල ගැටිති ඇති වීම, පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් වුවද පියයුරුවල ඇති වන ගැටිති බොහොමයක් පිළිකා නොවන බව ජාතික පිළිකා ආයතනය පවසනවා.

මේ අතර කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි බව ශ්‍රී ලංකාවේ බහුතරයක් නොමැති බවද ජාතික පිළිකා ආයතනය පවසයි.

පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ

තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති
පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම
යටිකුරු වූ තන පුඩු
තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම
තන පුඩුවෙන් රුධිරය වහනය වීම
කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම
තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම

ඔබේ පියයුරු මසකට වරක් හෝ ස්වයං පරීක්ෂාවකට ලක්කිරීම ඉතා වැදගත් වන අතර පියයුරු පිලිකාවක් වර්ධනය ඉතා කෙටි කලකින් උවද සිදුවිය හැක.

Facebook Comments
Show More

Related Articles

Close