බස්-කන්ටේනර් අනතුරකින් තිදෙනෙක්ට තුවාලයි

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ විදේශීය ළූණු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී අද(08) දින අලුයම 7.15 ට පමණ මුහුණට මුහුණ ගැටීමෙන් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලකට කඩාවැදී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලීසිය පැවසිය.
Facebook Comments