Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
NewsPoliticalSocial

තොපේ ඇස් වලට හෙන ගහලද?

 

එදා යුද විරුවෝ අද මාලු විකුණනයි

එදා හොරකම් කරගත් තක්කඩි දේශපාලුවෝ අදත් බලේ ගන්න පොරකයි

දැනට හොරකම් කරණ දේශපාලුවො තව හොරක්ම් කරන්න බලය රැකගන්න පොරකයි

මාධ්‍ය තම මාධ්‍ය සමාගම් පොහොසත් කිරීමම අරමුණු කරගෙන කටයුතුකරයි

උගතුන් රට හැර යමින් සිටී

තැන තැන කඩකාමර වසමින් තිබේ..පාර දෙපස කුලියට දෙන කඩ කමර හිස්වෙමින් තිබේ

රෝහල් වල එක ඇඳට ලෙඩුන් 4ක් පහක් සිටී

ඔපරේෂන් වලට රජයේ රෝහල්වල දින දෙන්නේ මාස ගනන් ඈතට වන අතර ලෙඩුන් මිය යමින් සිටී.

බොහෝ රෝහල්වල අවෂ්‍ය උපකරණ ශල්‍යාගාර හා ප්‍රමාණවත් බෙහෙත් නැත

ඔනෑම ලෙඩකට රජයේ රෝහල් වල ඇමොක්සිලින් හා පැරසිටමෝල් ලබා දේ.

රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාර පවා වැසෙමින් තිබේ උදා: වෝකර්ස්, සින්නමන් හොටෙල්ස්

කොටස් වෙලඳපල කඩා වැටී අවසන්

රුපියල ඉතිහාසයේ කවරදාකවත් නැති තරම වැටී ඇත (ඩොලරය රු163 අදට)

රාජ්‍ය නිලධාරීන්ට වාහන පර්මිට් දෙන මුවාවෙන් එවා විකුනා මුදල් ලබාගැනීමට සලස්වා වංචා සහගත ලෙස වෙනත් පිරිසක් ඉන් ලාභ ලබයි.

රටේ ව්‍යාපරිකයන් දේශපාලන මාෆියාවට හසුවී හමාරයි.

ඇතැම් මාධ්‍ය තම ව්‍යාපරික තරගකරුවන් දඩයම් කරමින් සිටී.

වැසෙන ව්‍යාපාර වලට අමතරව රජයෙන් ව්‍යාපාර වසමින් තිබේ.

බැඳුම්කර ගත්ත මිනිහා හිරේ ගිය නමුත් හොරට බැඳුම්කර විකිනූ මහ බැංකුවේ මුඳල් මන්ඩලය තවමත් රටේ මූල්‍ය පාලනය සිදුකරයි.

දිනකට වාහන අනතුරු, මිනී මැරුම මංකොල්ල කෑම් වාර්ථාවන ප්‍රමාණය ඉහල ගොස් ඇත

එදා වේල කන්න පිච්චිය නැති මිනිස්සු අතරේ තම ගෙදර බල්ලා බලාගැනීමට මිනිසුන් යොදාගන්න දේශපාලුවන්ට මිනිස්සු වන්දනා මාන කරයි

ආගම දහම රකින්න ඔනෑ තරම් සිටින අතර ආගම අදහන්න එවුන් නැති තරම්ය.

බොහෝ මාධ්‍ය ආයතන වල රැකියාව කරන ගැහැනු දරුවන් විකිනෙමින් තිබේ.

සාමාන්‍ය පෙල සමත් නොවන දුප්පතාගේ ලමයගේ ඉරණම රෝද තුනකට සීමාවේ

දේශපාලුවන් රාජ්‍ය බලය යොදාගෙන මත් පැන් , මත්ද්‍රව්‍ය විකුණයි.

ජනපති තම දුවගේ හෝටලයට අලුතෙන් අසීමිත මත් පැන් බලපත්‍රයක් ලබාදී මතට තිත තබා ඇත.

අගමැති හා ජනපති මහජනයාට විහිලු සපයමින් සිටී.

හිටපු ජනපති වරුන් උමතුවෙන් හැසිරෙති.

රටේ ව්‍යාපාර කඩා වැටී රැකියා නොමැති පිරිස් වැඩි වෙමින් තිබේ

කන්න වේල නැති මිනිහා හොර්කම්,ජාවාරම් මංකොල්ල කෑම් කරනු ඇත

රටේ නිතීය පොඩි එකාට පමණි

රට පුරා කුඩු ව්‍යාප්ත වී තිබේ. හෙට බිල්ල ඔබේ දරුවාද විය හැකියි

මැති ඇමතිවරු සුර සැප විඳින අතරේ තම ආතල් මහජනයාට පෙන්වමින් සිටී

අපේ ඇමති තුමාගේ අලුත් වාහනේ කියල මිනිස්සු සතුටු වෙයි

අධ්‍යාපනය කලින් කලට විවිධ මුහුනු වරයන්ගෙන් විකිනීමට එයි

රටේ ණය බර කොතරම්ද යත් අපේ ජාතික ආදායම ණය පොලී ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන තැනට වැටෙමින් තිබේ

එකි මෙකි නොකී සෑම තැනකම අපි ආගාධයට වැටෙමින් සිටී

හෙට ඔබේ දරුවා කුඩු බීමට ඉඩ ඇත

ඔබේ දියනිය ගණිකාවක් විය  හැක

ඔබට පාරේ හිඟා කෑමට සිදුවිය හැක

ඒත් ඔබ මහින්දට , මෛත්‍රීට හෝ රනිල්ට ඡන්දය දෙනවා සත්තයි..!

“අපේ ගෙවල් වල බල්ලෝ අපිව රකිනවා
උන්ගේ ගෙවල්වල බල්ලෝ රකින එක අපේ තාත්තාගේ රස්සාව”

Facebook Comments
Show More

Related Articles

Close