NewsPoliticalSocial

ඉන්ද්‍රජිත් අර්ජුන් මහේන්ද්‍රන්ට නොදෙවෙනි ඩීල් කාරයෙකි

රුපියල කඩා වැටී ලංකාවේ ආරථිකය ගිලෙමින් පවතී. පසුගිය මාස තුනක පමණ කාලය තුල රුපියල සීග්‍රයෙන් කඩා වැටුනද ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිලිබඳ පැහැදිලි විසඳුමකට පැමිණ නැති බව නම් ඉතා පැහැදිලිය. රටේ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාධනයේ මෙන්ම ක්‍රියාවට නැංවීමේ කාර්‍යයේ නියමුවා විය යුත්තේ මහ බැංකුව හා එහි අධිපති වරයාය. මින්පෙර සිටි අධිපතිවරයා කල කී දෑ මුලු රටම දන්නා අතර බැඳුම්කරයට මුවා වී වර්තමාන අධිපති වරයා සිය පෞදිගලික න්‍යාය පත්‍රයකට අපේ රට ආගාධයට ඇදගෙන යමින් සිටී.
රනිල්ගේ රෝයල් නඩයේ සිටි තවත් එකෙකු වන ඉඳ්‍රජිත් කුමාරස්වාමි අපේ රටේ විවිධ ව්‍යාපාර වලට හා ජාත්‍යන්තර ව්‍යාපාරවලට සම්බන්දව බරපතල චෝදනා ලැබූ ආයතන හා පුද්ගලයන් සමඟ ඩීල් දැමූ තවත් ඩීල් කාරයෙකි. අපේ රටේ ප්‍රදාන ව්‍යාපාරිකයන් යැයි කියාගන්නා , තමාගේ ව්‍යාපාරික කතාවස්තුවක් නිර්මාණය කරගෙන අමාරුවෙන් ගොඩ ආවා යැයි කියාගන්නා බොහෝ අය අද නැවතත මහ බැංකු අධිපතිවරයා හා එක්වා ජයටම ඩීල් දාමාගෙන යයි. රුපියල අහස උසට නැංගේ මහ ජනතාවගේ එදිනෙදා බත් පත , තෙල් හෝ වාහන ගෙනා නිසාම නම් නොවේ. පසුගිය වසර කීපය සමඟ සසඳා බැලුවහොත් වාහන සඳහා ගෙන්වන ලද තෙල් ප්‍රමාණය ඉන් පෙර ප්‍රමාණය හෝ ඊට වඩා අඩු විය යුතුය. එයට හේතුව වන්නේ ලෝකය පුරා වාහන වලට භාවිතාකල ඉන්දන ප්‍රමාණයන් අඩුවී තිබීමයි. පසුගිය වසර කිහිපයේ විශාල ලෙස අපේ රටට ගෙන්වනු ලැබුවේ හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන වන අතර දැන් අලුතින් එන්නේ ගී ටී තාක්ෂණය සමඟ අඩු එන්ජින් දාරිතාවක් ඇති ටර්බෝ වාහන නිසා ඒවායේ ඉන්දන වැය වන ප්‍රමාණය අඩුය.
අපේ රටේ රත්තරං වලට ඇති ඉල්ලුම වැඩි නිසා රුපියල ඉහල යන බවට මහ බැංකුවේ තවත් පුස් තර්කයක් ඇත. අපේ රටට ගේන රත්තරං මෙන් දහස් ගුනයකට වඩා අපේ රටෙන් මැණික් අපනයන කරන අතර දැන් වන විට නවීන තාක්ෂණය භාවිතයත් සමඟ සොයාගන්නා මැණික් ප්‍රමාණය වැඩි වී තිබේ. අපේ රටේ සිටින ඉහලම පෙලේ බොහෝ ව්‍යාපරිකයන් සතුව මැණික් අපණයන බලපත්‍ර පවතින අතර ඔවුන් අඩු වටිනාකම් හා විවිධ උපක්‍රම යොදාගෙන මැණික් ජාවාරම් කරයි. බොහෝ විට ඔවුන් ලංකාවෙන් සොයාගන්නා මැණික් විදේශ සමාගම් වලට අඩු මිලට විකුණන අතර එම සමගම් ද වෙනත් රටවල තිබෙන මෙකී ව්‍යාපාරිකයන්ගේම සමාගම් වේ. ඉන්පසු එම මැණික් අධි මිලට විකුණා ලාභය වෙනත් රටකට මාරුකර හරී. කණගාටුවට කාරණාවනම් මේවා සිදුකරණ බොහෝ ව්‍යාපරිකයන් අධිපතිගේ ඉතා කිට්ටු හිතවතුන් වීමයි.
අධිපතිගේ තවත් ඉතා කුලුපගු හිතවතෙක් සිටී ඔහු ලංකාවට කෝටි ප්‍රකෝටි ගණනක එතනෝල් ගෙන්වන අතර එතනෝල් ලීටරයක ජාත්‍යන්තර වෙලඳපලේ මිල රු 100ක් නම් ඔහු එවා ගෙන්වන්නේ රු 140 හෝ ඊට වැඩි මුඳලකට වන අතර ඒ අතර වාසිය ඔහුට අයත් වෙනත් රටක ඇති සමාගමකට ලබාදේ. මෙසේ විශාල මුඳලක් අපේ රටෙන් බැහැරට යාම රුපියල කඩා වැටීමට ප්‍රධාන හේතුවකි. එසේ විදෙශ රටවල තිබෙන මුඳල් ඩොලර් ලෙස පවතින අතර යම් දිනක ඒවා නැවත ලංකාවට ගෙනෙන විට රුපියල් අගය වැඩි වී ඔවුන් ඉන් විශාල ලාභයල් ලබයි. ඒ අනූව ඇතැම් ව්‍යාපාරිකයන් රුපියල අවප්‍රමාණය වීමෙන් රුපියල් බිලියන ගණනක ලාභ ලබා ඇත.
රුපියල රැක ගැනීමට කියා මහ බැංකු අධිපති තවත් අපූරු යෝජනාවක් ගෙන ආවා. දැන් එය ක්‍රියාවට නංවා තිබෙනවා. ණයවර ලිපි සඳහා බැංකුවලින් ලබාදුන් ආන්තික ණය සේවා පහසුකම අත්හිටවා , වාහන ගෙන්වන පුද්ගලයා සම්පූර්ණ මුඳලම ණයවර ලිපිය සඳහා ගෙවිය යුතු බව මහ බැංකුව තීරණය කර තිබේ. රටේ සිටින ධනවත් පුද්ගලයන් කොහොමත් සම්පූර්ණ මුඳල ගෙවා ණයවර ලිපි අරඹන අතර එසේ එකවර ගෙවීමට මුඳල් නැති අයට ආන්තික ණය පහසුකම ලභාගැනීමට සිදුවේ. මෙහි ඇති සත්‍ය වන්නේ පසුගිය සමයේ රාජ්‍ය සේවකයන්ට වාහන බලපත්‍ර ලබාදුන්නා. මේ පිලිබඳ ඇහැගහගෙන සිටි බොහෝ ජාවාරම් කරුවන් කුනු කොල්ලයට බලපත්‍ර මිලට ගත් අතර එම නිසා බොහෝ අය වාහන ආනයනය කර විකිනීමට තීරණය කලා. මෙසේ රාජ්‍ය සේවකයන් වාහන ආනයනය කරන්නේ ණයවර ලිපියට ලැබෙන ආන්තික ණය පහසුකම හරහා වන අතර දැන් එය අත් හිටුවීම නිසා අනිවාර්‍යයෙන්ම රු ලක්ෂ 40ක් 50ක් අතේ නැතිව වාහන බලපත්‍රයක් ලැබුනද වාහනයක් ගෙන්වා ගැනීමට නොහැකි නිසා නැවතත් බලපත්‍ර ලාබීන්ට ජාවරම් කරුවන්ට වාහන බලපත්‍රය විකිණීමට සිදුවේ.
කෙසේ වුව්වත් රුපියලේ අගය ඉල්ලුම සැපයුම මත තීරණය වන අතර රටේ තිබෙන සංචිත වල ප්‍රමාණය අනූව මහ බැංකුවට කෘතිමව එය පාලනය කිරීමේ හැකියාවක් ද පවතී. ඩොලරය රු 162 පමණ තිබෙන අවස්තාවේ රටේ පැවති සංචිත ප්‍රමාණය අනූව කෘතීමව එය පාලනය කිරීමේ හැකියාව තිබියදීත් මහ බැංකුව එය මඟ හර සිටි බවක් දක්නට ලැබුනා. වසර පුරාවට එකම ආකාරයෙන් අපේ රටෙන් වෙනත් රටවලට ගෙවීම් සිදු නොවන අතර ණය වාරික හා පොලී ගෙවීම බොහෝමයක් සිදුවන්නේ සැප්තම්බර් , ඔක්තෝබර් මාස වල සහ වසර අවසානයේ බැවින් ඒවා ගෙවා නිමවන තෙක් හා ලබාදුන් බලපත්‍ර වලට වාහන ගෙන්වා අවසන් වනතෙක් හෝ මහ බැංකුව රුපියල පාලනය කර ගත්තානම් රටට ඉතිරිවන මුඳල බිලියන ගනනකි. සාමණ්‍යයෙන් ඩොලරයේ අගය රුපියල්කින් ඉහල ගියහොත් අපේ රටට ගෙවීමට ඇති ණය වලින් පමණක් සිදුවන පාඩුව රු බිලි 34ක් පමණ වේ. මේ අධිපතිවරයගේ කාලය තුල දැනට ඩොලරයට සාපේක්ෂව රුපියල රුපියල් 20කින් පමණ පහත වැටී ඇති අතර ණය වලට අදාලව පමණක් පාඩුව රුපියල් බිලියන 680කි. එනම් මිලියන 680,000කි. එය ලක්ෂවලින් 6,800,000 කි. රුපියල් 680,000,000,000/- ක මුඳලක් පාඩු වී ඇත. එය අපේ රටේ සාමණ්‍ය ජනගහනය මිලියන 20ක් ලෙස සැලකුවහොත් එක් අයෙකුගේ ණය බර රු 34,000 කින් වැඩි වීමකි.
රනිල්ගේ 2001/2 කාලයේ ආන්ඩුවේත් සහචරයෙක් වූ ඉන්ද්‍රජිත් එකල්ත් අර්ජුන් මහේන්ද්‍රන්ට නොදෙවෙනි ඩීල් කාරයෙකි. ඔහුගෙ මින් පෙර සේවා කල ආයතනයේ විශාල ගැටලු ඇත. රාජ් රාජරත්නම්ගේ සුවච කීකරු ගෝලයෙකි. කලක් මලික් ගේ ගෝලයකි. ඔහු සැමදාම සිටියේ ඩීල් කරුවන් සම්ඟවන අතර අදටත් එය එසේම බව අමතක නොකල යුතුය. රටක් ලෙස ඉදිරියට යනවාට වඩා මෙවැනි ඩීල් කාරයන් , හොරුන් තක්කඩින්ගෙන් රට බේරා ගැනීම ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

Facebook Comments
Show More

Related Articles

Close