NewsPoliticalSocial

ඇලෝසියස්ගේ ගැබිනි බිරියටත් දඩුවම්

ආන්දෝලනාතමක බැඳුම්කර ගනුදෙනුව සම්බඳව දැනට සැක පිට බන්ධනාගාර ගතකර සිටන අර්ජුන් ඇලෝසියස්ගේ ගැබිනි බිරිය පැය ගනන් බඳනාගාර ගේට්ටුව ලඟ හිටවා තැබූ බව මෙමස 2වන දින නඩුව කැඳවූ අවස්ථාවේ දී විත්ති පාර්ෂවයේ නීතීඥයින් දන්වා සිටියා.
අර්ජුන් ඇලෝසියස්‌ගේ බිරිඳ ගැබිණියක් බවත් සිය සැමියා බැලීම සඳහා ඇය බන්ධනාගාරයට යන අවස්‌ථාවලදී බන්ධනාගාර නිලධාරීන් ඇගේ ගැබිණි තත්ත්වය පවා නොතකන බවත් අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා එහි දී චෝදනා කර තිබෙනවා.

නිලධාරීන් පැය ගණනක්‌ ඇයව ගේට්‌ටුව අසල හිටගෙන සිටීමට සැලැස්‌වීම ඉතා අයුතු සහගත ක්‍රියාවක්‌ බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

තවද පර්පෙචුවල් සමාගමේ සේවකයගේ වැටුප් ගෙවීමට හෝ අත්‍යාවශ්‍ය වියදම් කිසිවක් කිරීමට ඉඩ නොතබා ගිනුම් අත්හිටවා ඇති බවත්. ඒ හේතුවෙන් වැටුප්, බදු ඇතුළු රජයට අය විය යුතු ගාස්තු කිසිවක් ගෙවීමට ඉඩ නොතබා , එසේ නොගේවූ බදු සහ සේවක වැටුප් ආදිය වෙනුවෙන් අදාල සමාගම් වලට අසාධාරණ ලෙස නඩු පවරීමට උතසහ දරණ බව වාර්ථාවේ. තව ද මේසේ මාස ගනනක් වැටුප් නොලැබූ සේවකයින් දිනපතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා දැඩි මානසික පීඩනයකට ලක්කරණ බවද වාර්ථා වේ.

ඒ අනූව විත්ති පාර්ෂවයේ නීතීඥයින් සාහසික පලිගැනීමකට කටයුතු සිදුකරණවාදැයි විමසා සිටියා.

Facebook Comments
Show More

Related Articles

Close