Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Health
Trending

දහදියෙන් අත්මිදෙමු!

දේශීය දේ අගයමු

දහදිය කියන්නේ ටිකක් අපුල දෙයක්…කිසි වෙලාවක් කිසිම කෙනෙක්ගේ දහදිය සුවදනං නෑ..කොච්චර එක එක එව්වා ගෑවත් ගද ගදමනේ. අපි දහදිය ගැන අද කතාකරමු.

සිරිලංකාව සමකාසන්නයේ පිහිටි ඝර්ම කලාපීය රටක් නිසා ලාංකික අපට හිරුගේ බලපෑම දැඩිව දැනෙනව ඒ නිසා අධිකව දහදිය දමනව. දහදිය දැමීම ස්වාභාවික නමුදු ඇතැමකුට දහදිය දැමීම ප්රනශ්නයකි. එයට හේතුව දහදිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීමයි.

මෙම තත්ත්වය අසහනකාරී අද්දැකීමක් වන්නේ තමන්ට වඩා අවට සිටින අයට දහදිය දුගඳ ඉවසා සිටීමට නොහැකි බැවිනි. කාන්තා – පිරිමි භේදයකින් තොරව සැමටම දහදිය දමනව.නමුත් අස්වාභාවික ලෙස දහදිය දුගඳ වීමට විවිධ වූ හේතු බලපානු ලබනව. සමහරැන්ගේ පලාතේ ඉන්ඩ බෑ ගදම ගදයි…

ශාරීරික උෂ්ණත්වය වැඩිවීම, මලබද්ධය හා ඔසප් වීමද දහදිය දුගඳට හේතු වෙනවා. මලබද්ධය පවතින විට මල පිට නොවී ශරීරය තුළ එක් රැස්වීම නිසාද ඔසප් වීමේදී සිදු වන හෝර්මෝන විපර්යාසයද දහදිය දුගඳින් යුක්ත වෙනවා. එම නිසා මලබද්ධය පවතී නම් මලබද්ධය දුරු කර ගැනීම පිණිස ගස්ලබු, ඛෙලි වැනි පලතුරු නිතර ආහාරයට ගැනීමටද, වතුර අවශ්යය ප්රයමාණයට පානයද කළ යුතුයි. ඔසප් පවතින දිනවලදී අන් දිනවලට වඩා පවිත්රටතාව පිළිබඳ සැලකිලිමත් වීමද වැදගත් වෙනවා.

දහදිය දුගඳ සඳහා අද තරුණ තරුණියෝන් බොහෝ විට ඩියොඩ්රන්ට් නමැති දුගඳ නසන ආලේපන භාවිත කරනවා. ඩියොඩ්රන්ට් ආලේපන මගින් තාවකාලික දහදිය දුගඳ දුරු කර සිරුර සුවඳවත් කරයි. නමුත් ඒ ඉමිහිරි සුවඳට හොර රහසේ අහිතකර රසායන ද්රනව්යි රාශියක් මිනිස් සිරුරට ඇතුළු කරනවා.

ඉස්සර කාලෙත් දාඩිය දැම්මනේ..රජ කාලේ එහෙම…ඉතිං අපේ රජ බිසවුන්නාන්සේලාගේ දාඩිය දාපුවත් හෙළයින්ගේ අවුෂධවලින් තමා ගැටලුවක් නැතිව ගදනැති තත්වයට පත්කර ගත්තේ..ස්වාභාවිකව සාදා ගත හැකි දුගඳ හරන ආලේපන තුළින් ඉතාමත් කෙටි කලකදී සම්පූර්ණයෙන්ම ඔබටත් දැන් දහදිය දුගඳින් මිදිය හැකිය. මේන්න ඒකට විසදුම් කීපයක්…. කරලාම බලන්ඩ

ආලේපනය – 1
අරළු කුඩු, ලොත් සුඹුල් කුඩු, කොහොඹ කොළ කුඩු, රුක්අත්තන පොතු කුඩු, දෙළුම් පොතු කුඩු
සමව ගෙන ජලය සමග මිශ්රො කර නෑමට පැයකට පෙර ආලේපනය කරන්න

ආලේපනය – 2
සුදු හඳුන් කුඩු, සැවැන්දරා මුල් කුඩු, අගිල් කුඩු, නාමල් රේණු, වෙනිවැල්ගැට කුඩු මෙම දුගඳ හරන ආලේපය සැමදා හෝ සතියකට දින කිහිපයක් භාවිත කරන්ඩ හැකීනේ. දින කිහිපයක් භාවිත කිරීමෙන් ඔබට දහදිය දුගඳින් සම්පුර්ණයෙන්ම මිදිය හැකියි. මෙම දුගඳ හරන ආලේපන 100% ක් ස්වාභාවික ඖෂධ භාවිත කොට සාදා ගනු ලබයි. එම නිසා මිනිස් ශරීරයට අහිත කර බලපෑම් ඇති නොකරනු ලබයි.

ඛෙලි මල් නිතර නිතර පානය කළ හැකි නම් එමගින්ද දහදිය දුගඳ නැති වී යයි. විශේෂයෙන්ම තම පෞද්ගලික පිරිසුදු බව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කර ගැනීම මෙහිදී වඩා වැදගත් කරුණකි.

Facebook Comments
Show More
Close